331. සතර සතිපට්ඨාන දේශණාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන් වේද?

නෑ. සතර සතිපට්ථාන සූත්‍රයෙත් ද්‍යාන ලැබීමක් නෑ, ඒ වගේම ඡඡක්ක සූත්‍රයෙත් ද්‍යාන ලැබීමක් නෑ. බුදුහාමුදුරුවො අවසාන කාලෙ විග්‍රහ කල බොහෝ සූත්‍ර ධර්ම වල ද්‍යාන නෑ, හැබැයි මුල් කාලෙ තියනව. ඇයි එහෙම තියෙන්නෙ ඒකටත් හේතුවක් තියනව. බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුන මුල් කාලෙ හැම කෙනෙක්ම ද්‍යාන ලබල අභිඤ්ඥා ලබල නිවන් දකින්න උත්සහ කර ක්‍රමයක් තිබුනෙ බ්‍රහ්ම සාහ්ව්‍යත්වය කියල. ඒ නිසා බොහෝ පිරිස් වලට ද්‍යාන ලැබීම අවශ්‍ය වෙනව.
ද්‍යාන ලැබූ අය හිටිය, අභිඤ්ඥා ලැබූ අය හිටිය, ඒ අයට මග පෙන්වන්න, අර සමත පුබ්බංගම විපස්සනා ක්‍රමය බුදුහාමුදුරුවො කියල තියනව. නමුත් බුදුහාමුදුරුවො පහුවෙනකොට පහුවෙනකොට මේ සමත කියන කතාව සමහර වැඩි වෙන්න හේතුවක් නිසා සමත අත්හැර දාල, එහෙම නැත්නම් මේ ධ්‍යාන අත්හැර දාල, අභිඥා අත්හැරදාල, මගපල විතරක් ලබා ගන්නට උපකාරවන පිරිසිදු බුද්ධ දේශනයක් දේශනා කළා. හැබැයි අදත් ඒ පිරිසිදු බුද්ධ දේශනාවෙ එන ඔය සියලුම වැදගත් සූත්‍ර ධර්ම අයින් කරල අර ධ්‍යාන වලට යන මහායාන ක්‍රමයක් ඒ වගේම ආගම් සංකල්ප වලත් තියනව. ඒව මේ ලෝකෙ හදන ක්‍රම මිසක් ලෝකෙ අතරමං වෙන ක්‍රම මිසක් ලෞකිකත්වය තුල අතරමං වෙනව මිසක් ලෝකෙන් එතෙර වෙන්නට උපකාර වන ක්‍රම නෙමේ.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න