172. "හේතුඵල දහම හා කර්මය" අතර ඇති වෙනස කුමක්ද?

ඔව්, දැන් බුදුහාමුදුරුවො කිව්වා, 'හේතුඵල ධර්මය' තමයි සියල්ලම විග්‍රහ කරන්න පුළුවන් විස්තර කරන්න පුළුවන්, හැම දේකටම 'හේතුවක්' තියනව, 'හේතුවට ඵලයක්' තියනව. 'හේතුඵල ධර්මයට' අනුව තමයි අපිට හේතුව අයින් කරල 'ඵලය' ඉවත්කරගන්න පුළුවන්.
"කර්මය" කියන්නෙ එක හේතුවක් පමණයි. හැබැයි මේ සියලුම 'කර්ම' අපි හරියට 'යෝනිසෝ මනසිකාරයෙන්' කටයුතු කලොත්, 'කම්මක්ඛය' කරන්න පුළුවන්. 'ප්‍රතිකර්ම' කරල, ඒවගෙම 'උප කර්ම', 'උපක්‍රමයෙන්', 'සම්‍යප්‍රයෝග' කරල මේ කර්මය, අපිට කර්මයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්.
ඒ නිසා අපිට "හේතුඵල ධර්මය" තේරුම් ගත්තොත්, කවුරුවත් කර්මයට වහල් වෙන්නේ නෑ. කර්මය බදාගෙන ඉන්නේ නෑ. කර්මයෙන් සියල්ල සිදුවේ කියල එකක් බුදුහාමුදුරුවෝ කොහෙවත්, කොතැනකවත් කිව්වේ නෑ. හැබැයි ජෛන ආගමේ 'මහා වීර' තුමා කිව්වා මේ 'කර්මයෙන් සියල්ල සිදුවේ' කියල. බුදුහාමුදුරුවෝ කිව්වා 'නෑ කර්මය එක හේතුවක් විතරයි, තව නොයෙකුත් හේතු තියනව', ඒ සියලුම හේතු පුද්ගලයෙක් කටින්, වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන්, කරන, කියන, හිතන, දේවල්මයි මේ හේතු කියන්නේ. නමුත් කර්මය ඊට වඩා පටු දෙයක්, "හේතුඵල දහම" ඊට වඩා පරිපුර්ණ, සම්පූර්ණ දෙයක්.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න