173. අද සිටින අරිහතුන් වහන්සේලා එදා මෙන් "ප්‍රාතිහර්ය" නොපාන්නේ ඇයි?

දැන් අද, එදා 'එර්දි ප්‍රාතිහාර' පාල කරපු දේවල්, අද විද්‍යාවෙන් කරනව. දැන් ඈත පළාතකට යන එක, ගුවන් මඟින්, ඒවගේම කතා කරන එක, ඈත දකින එක, මේ පණිවිඩ, සන්නිවේදන, මේ ඔක්කොම අද විද්‍යාවෙන්, භෞතික වශයෙන් කරන්නට පුළුවන්. අද ඒකනිසා, ඔය අභිඥ්ඥා ලබල, අනිත්පාර කිසිම 'අරිහතුන් වහන්සේ කෙනෙක්' අභිඥ්ඥා පිළිබඳව අගයකලේ නෑ.
බුදුහාමුදුරුවෝ කිසිසේත්ම කිව්වේ නෑ ඔය අරිහතුන් වහන්සේලා කාටවත්, 'එර්දි ප්‍රාතිහාර' පාන්න කියල. 'අරහත්' කියන එකේ තේරුමවත් නොදැන තමයි මේ කතා කරන්නේ. 'අරහතුන් වහන්සේ' කරන්නේ මොකක්ද?, 'රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය' කලානං අන්න අරහත්. එහෙම නැත්නං "ආසවක්ඛය ඥානය" ලැබුව නං, "ත්‍රිවිද්‍යා ඥාන" ලබුවනං අන්න 'අරිහත්'. නැතුව, අහසින් ගියයි, අරව කලයි, මේව කලයි, ඒවා 'අභිඥ්ඥා'. අරිහතුන් වහන්සේයි අභිඥ්ඥා ලාභිනුයි පටලවාගෙන, මේ කතාකරන අය, බොහෝ අයට කතා කරන්නේ.
ඒකනිසා අභිඥ්ඥා ලාභීන්, බුදුහාමුදුරුවෝ ඉපදෙන්න ඉස්සෙල්ලත්, බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වුනාට පස්සෙත්, අභිඥ්ඥා ලාභීන් හිටිය. ඔය අසිත තවුස, උද්දක රාමපුත්ත, ආලාර කාලාම, මේවගේ බොහෝ අය හිටිය. ඒ කිසි කෙනෙක්, මේ අරහත් තත්වයට පත්වුන, අරහත් වූ අය නෙමෙයි. ඒක එකක්. දැන් අරහත් තත්වය කියන්නේ "ප්‍රඥා විමුක්තිය", ඔය අභිඥ්ඥා කියන්නේ, ඔය කියන ඔය ආකෘතියේ තියන, ඔය අරහතුන් වහන්සේලාගේ ගුණ කියල සාහිත්‍ය කාරයෝ කියන ඒවා, "අභිඥ්ඥා" ලක්ෂණ මිසක්, අරිහතුන් වහන්සේ කෙනෙකුගේ ලක්ෂණ නෙමෙයි.
අනිත්පාර අරිහතුන් වහන්සේ කෙනෙක්, අරිහත් තත්වයට පත්වුනාම, මේ "අභිඥ්ඥා" තුට්ටු දෙහෙකටවත් වටින්නෑ. තුට්ටු දෙහෙකටවත් මායිම් කරන් නෑ. ඒවායේ වටිනාකමක් ඇත්තේ නෑ. දැන් ඒවාට, අරිහත් තත්වයට පත්වෙන්න පෙර තමා "අභිඥ්ඥා" ලබන්නේ. අරිහත් තත්වයට පත්වුනාට පස්සේ ආය "අභිඥ්ඥා" ලැබීමක් කරන්න බෑ, කරන්නේ නෑ, කීයටවත් ඒවායේ වටිනාකමක්, හරයක්, තත්වයක් නැතිබව දැනගෙන ඒවා අත්හරිනව

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න