257. "අත්ති සුඛ හා අනන සුඛ" යනු කුමක්ද​?

අනන සුඛය, කියන්නේ, ණයෙන් නිදහස් වීමේ සුවය, ණය නැති සුවය. එහෙම නැතිනම්, ණය නොවූ සුවය, ණය නොගත්ත සුවය, ණය කාරයෝ නැති සුවය, ගෙවන්න ණයක් නැතැයි කියන සුවය, ණයෙන් මිදී නිදහස් වීමේ සුවයට කියනවා , "අනන සුඛය" කියලා. ඒ වගේම, "අත්ති සුඛ" කියන්නේ, "අත්ති" කියන්නේ, අර මමත්වයෙන් ඉවත් වුනාට පස්සේ, අත්ත කියන තැනින්, අස්මි මානයෙන් මිදී නිදහස් වෙලා උපේක්ඛා සිතක් ඇතිව අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරගන්න පුළුවන් වුනාම අන්න "අත්ති" සුවය. "අත්ති සුඛ". ඒනිසා මේක, සුඛ හතරක් තියෙනවා. ඒ හතරෙන්, ලෝකෝත්තර වෙන්න උපකාරී වන උවනමා කරන සුඛය සඳහා ඔය අනන සුඛ, අත්ති සුඛ කියන්නේ, තවත් තියෙනවා, භෝග සුඛය, තව ටිකක් තියෙනවා, මට හරියටම මතක නැහැ. ඔහොම හතරක් තියෙනවා, ඔය චතුත්ථක නිපාතයේ.
අනවජ්ජ සුඛය කියන්නෙත් ඕකමයි. අනවජ්ජ සුඛයත් ලෝකෝත්තර නිවනට උදව් වෙනවා. අනන සුඛ, අත්ති සුඛ, අනවජ්ජි සුඛ. අනවජ්ජ් කියන්නේ; ඕකේ විරුද්ධ වචනේ මොකක්ද? "සාවජ්ජ". සාවජ්ජ කියන්නේ වැරදි සහිතව ක්‍රියාකරන පුද්ගලයාගේ අර ආමිස සුවය, "සාවජ්ජ සුඛයයි" . දැන් පගාවක් ගහල, ලොකු හොරකමක් කරලා ඒ සල්ලි වලින් සැප විඳින අයත් ඉන්නවා. එයා මොකක්ද විඳින්නේ? සාවජ්ජ සුඛයක්.
අනවජ්ජ සුඛය කියන්නේ, මේ වැරදි වූ මිච්චා වායාම, මිච්චා සතියෙන් කටයුතු නොකර සම්මා වායාමෙන්, සම්මා සතියෙන් කටයුතු කරන පුද්ගලයාට එනවා, අර අනවජ්ජ සුඛය කියන එක. සම්මා ආජීවය, සම්මා වායම, සම්මා සතිය ඔක්කොම එක්කාහු වුනාම අනවජ්ජ සුඛය තියෙනවා. එහෙම නැත්නම් සාවජ්ජ සුඛය. සාවජ්ජ සුඛයකුත් තියෙනවා. "ණය සුඛය" සුඛයකුත් තියෙනවා. අනන සුඛ වගේම නය සුඛයකුත් තියෙනවා. මොකද ණයට අරගෙන ණයට වැඩ කරලා සුඛයක් ලබනවානේ. ඒවා ආමිස සුවයන්, අරවා නිරාමිස සුවයන්.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න