258. නින්ද යාමේදී සිදු වන්නේ "චිත්තජ කය" තාවකාලික ඉවත් වීමක්ද​?

නින්ද යාමේදි සිදුවෙන්නේ, "විවේකය". වි-වේ-කය. මේ වචන තුන හොඳට තෙරුම් ගන්න. "වි" කියන්නේ, වෙන්වෙනවා. "කාය" කියන්නේ මොකක්ද, අර ක්‍රියාව. "වේ" වේගය."වි-වේ-කාය" ක්‍රියාවේ වේගයෙන් වෙන්වීමක් තමයි, නින්ද කියන්නේ. විවේක නිශ්චිත, විරාග නිශ්චිත,නිරොද නිශ්චිත කියලත් තියෙන්නේ. ඒනිසා, දැන් ඇහැ කරන ක්‍රියාවෙන් තාවකාලිකව වෙන්වෙල තියෙනවා, කන කරන ක්‍රියාවෙන් තාවකාලිකව වෙන්වෙලා තියෙනවා, නාසය කරන ක්‍රියාවත් අපිට නොදැනෙන ආකාරයට, අපිට නින්ද ගියාම අපිට තෙරෙන්නේ නැහැ අපිහුස්ම ගන්නවද කියලා, ඒවගෙ දිවෙන් කරන ක්‍රියාවෙනුත් තාවකාලිකව වෙන්වෙලා...මේ සියලු ක්‍රියාකරකම් වලින් අපි තාවකාලිකව වෙන්වෙනා එවාගෙ වේගය පාලනය කරලා අපි තාවකාලිකව නැති කරගනවා, ඒ ක්‍රියාකාරකම් පහේම. නමුත් අර විඤ්ඤාණ වේගය එකේ ක්‍රියාකාරිත්වය දිගටම තියෙනවා, ඒකයි අර අඩ නින්දෙදි ඔය හීන පේන්නේ.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න