260. දෙවියන්ට මග පල ලැබිය හැකිද​? සද්ධර්ම ශ්‍රවනය සඳහා දේව​ ආරාධනා කරන්නේ ඇයි?

ඔව්. දැන් දෙවියන්ගෙන් යම් යම් දෙවියෝ කොට්ඨාශ කිහිපයක් ඉන්නවා, මිත්‍යා දෘෂ්ඨික දෙවියොත් ඉන්නවා සම්මා දෘෂ්ඨික දෙවියොත් ඉන්නවා, ආර්ය මාර්ගයේ යන සෝතාපන්න වූ දෙවියොත් ඉන්නවා. ඉතින් ඒක නිසා, මේ සියලුම බුද්ධශ්‍රාවකයන්ට බුද්ධ දේශනාව දේශනා කරන්නට, එහෙම නැත්නම් නිවන් මග ප්‍රකාශ කරන ධර්මයක් ප්‍රකාශ කරනකොට, අර "සමන්තා චක්ක වාලේසූ, අත්‍රා ගච්ඡන්තු දේවතා,සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තූ සග්ඝ මොක්කදං," කියන මේ ගාථාව කියන්න ඕනේ. මේකේ තේරුම, සමස්ත චක්‍රාවාටය තුලම, ඒකියන්නේ මේ චක්‍රාවාටය තුලම හැම තැනම අච්ත්‍රා ගච්ඡන්තු , නිතර නිතර එහාට මෙහාට ගමන් කරන සියලුම දෙවි දේවතාවුන්ට, බ්‍රහ්මයන්ට සියලූම අයට ආරාධනාවක් කරනවා, මෙන්න බුදු පියානන්වහන්සේ එදා දේශනා කරපු ධර්මය නිවන් පල ලබන්නට, අධිගමයට පත්වන්නට උපකාර වන ධර්මය දේශනා කරනවා. මේ දේශනාව ශ්‍රවනය කරන්නට කියන ආරාධනාවක් තියෙන්නේ. ඒ අනුව මේ කෙලෙස්, "ධම්මස්සවන කාලෝ"මේ ධර්මය ශ්‍රවනය කරලා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ප්‍රහානය කරලා, දවලා,තවලා ඉවත් කරගන්නට මේ අවස්ථාවයි කියන එකයි මේ කියන්නේ. ඉතින් ඒක නිසා, මේ ධර්මය දේශනා කරන්නට ඉස්සෙල්ලා බුදු පියානන්වහන්සේ කිව්වා, මේ හැම දෙවියන්ටම ඇහෙන සේ,හඬ නගා මේ "ධම්මස්සවන කාලෝ අයං බදන්තා" කියන ගාථාව කියන්න කියලා.බුදු හාමුදුරුවෝ මේ කිව්වේ, බුද්ධශ්‍රාවකයෙක් මේ බන කියන කොට කෙලෙස් නසන දේ, දැන් "බව" කියන වචනේ "කෙලෙස්", රාග බව, ද්වේශ බව, මෝහ බව, මේවා නසන දේ මොනවාද? " බන". රාග බව, ද්වේශ බව, මෝහ බව හදන දෙයක් නම් ඒක "බහ". ඉතින් මේක හරියටම තේරුම් ගත්තොත් , දෙවියො එන්නේ නැහැ "බහ" අහන්න. දෙවියන්ට වැඩකුත් නැහැ බහ. දෙවියෝ ඕනෑ තරම් බහ අහලා තියෙනවා. දෙවියෝ, බහත් වෙන් කරලා දන්නවා, බනත් වෙන් කරලා දන්නවා. ඒ නිසා ඔය මිනිස්සු හිනස්සන දේවල් බහ. මිනිස්සුන්ව අඬවන දේවල් බහ. ඔය නොයෙකුත් උපමා කථා කියලා, වැරදියට විකෘති කරලා කියන දේවල් බහ. ඒවා බන නෙවෙයි, ඒවා බව නසන්නේ නැහැ. ඒවා බව නසන දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා, දෙවියෝ දන්නවා හරියට තෙරුම් ගන්න. මිනිස්සුන්ට වඩා හරි හුඟක් දෙවියෝ අනන්ත අප්‍රමාන බුදු හාමුදුරුවන්ගේ කාලෙ ඉඳන් ආර්ය ශ්‍රාවකයෝ දේශනා කරපු ධර්මය අහලා තියෙනවා. ඉතින් ඒක නිසා බන දන්නවා, බහ වෙන් කරලා ගන්න දන්නවා.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න