261. දරු පල නොලබන්නේ අතීත සංසාරේ කල "පවක" ඵ​ල දීමක්ද​?

දැන් මෙහෙමයි. තමන්ගේ "චේතනා හං බික්ඛවේ කම්මං වදාමී" තමන්ගේ චේතනාව කොහොමහරි දරුවෙක් හදා ගෙන තමන්ට මේ ලෝකය අල්ලාගෙන බදා ගෙන, තව දුරටත් දරු සුරතල් බලමින්, විඳමින් දරුවන්සමග ඉන්නට තියෙනවානම් ඒක, ලෞකිකත්වය තුල ආමිස සුවයක්. හැබැයි මේ ආමිස සුවය තමයි අද සම්මත චාරිත්‍ර වාරිත්‍ර තුළ තියෙන්නේ. අර මේකේ අත්හැරීම, මෙයින් වන නිදහස ගැන කල්පනා කරන්න බැහැ. ඒනිසා, මේ දරු ඵල නොලැබීම කෙනෙක්ට දුකක් වෙන්නත් පුළුවන්, ඒ හේතුව, රාගය, ද්වේශය, මෝහය තියෙන පුද්ගලයන් වීම. ඒ වගේම දරුවන් නැති කෙනෙකුට මේ මාර්ගය අහලා දැනගෙන, මේ මාර්ගයේ යන්නට ලැබුනු නිදහස අරිය පරියේශනයට බව තෙරුම් ගන්න පුළුවන්. එතකොට ඒ ඒ පුද්ගලයාගේ, ඒ ඒ සමාජයේ , ඒ ඒ කාලයට යුගයට අනුව මේකත් තේරුම් ගන්න ඕනේ. ඒකයි කිව්වේ, අර්ථ නානත්වයේ, ධම්ම නානත්වයේ, නිරුක්ති නානත්වය, පටිභාන නානත්වය. නානත්වයක් තියෙනවා. ඒ ඒ පුද්ගලය හිතන ආකාරයට ඒ ඒ සමාජය හිතන ආකාරයට සමහරවිට අම්මලා තාත්තලා හිතන ආකාරයට දැන් අපි හිතමුකො, අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි ,පුතෙකුට බිරිඳක් ගේන්නේ, ලේලියක් ගේන්නේ, තව පරම්පරාව ගෙනියන්න. ඒ තියෙන්නේ මොකක්ද? රාගය, ද්වේශය, මෝහය. එතකොට බැරිවෙලාවත් අර ලේලිට දරුවෙක් ලැබුනේ නැත්නම්, අර අම්මටයි තාත්තටයි මොකද් ඈති වෙන්නේ? ද්වේශයක්, වෛරයක් ඇයි? බලාපොරොත්තු වුනු දේ නොලැබීම. පටිච්ච වුනා නමුත් ඒක ලැබුනේ නැහැ. ඉතින් ඒක හින්දා තමයි අර ද්වේශයක් ඇති වෙන්නේ, එතැන තියෙන්නේ, ලොකු ද්වේශයක්. නමුත් බැරිවෙලාවත් අර අම්ම තාත්තා කල්පනා කරානම් මේ දෙන්නටත් මේ දරුඵල නැත්තේ, ණය ගෙවලා ඉවරයි, ණයෙන් මිදී නිදහස්. දැන් මුනුබුරෙක් ආවනම් තමයි අර ආච්චිටයි සීයටයි තේරෙන්නේ, ඉස්කෝලෙට ගෙනියන්න වෙනවා, ගේන්න වෙන්නවා, මුනුබුරා බලාගන්න වෙනවා, අම්මා තාත්තා වැඩට ගියාම මුනුබුරා බලාගන්න වෙනවා, ඔක්කොම දුක් විඳ විඳ කරන්න වෙනවා. හම්බුනාට පස්සේ තමයි එවා ඵල විපාක හැටියට ලැබෙන්නේ. දැන් එහෙනම් හොඳ නිදහස් . තමන්ට මේ ධර්ම මාර්ගයේ යන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒවා කල්පනා කරන්නේ නැහැ. දැන් ඒකතමයි කිව්වේ "චේතනා හං බික්ඛවේ කම්මං වදාමී" . චේතනාව මොකක්ද, ඒ අනුවයි පිංවතුනි මේකේ ඵල විපාක ලැබෙන්නේ" අපිට මේ ධර්මතාවෙන් ලැබෙන සියල්ල, ඒ ආකරයට සිදුවෙන්නේ හොඳටයි කියලා උපේක්ඛා සිතින් ඉවසලා විමසලා කටයුතු කරන්න බැරිකම තමා ඕකට හේතුව. සමහර උදවියට ඉවසලා විමසලා කටයුතු කරන්න බැහැ. ධර්ම මාර්ගය පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා, ලද දෙයින් සතු‍ටු වීමක් නැහැ. අල්පේච්ඡ නැහැ. ඉතින් ඒක නිසා දරුවෙක් නැති වුනාම ද්වේශයක් ඇති වෙනවා. සමහරුන්ට ඒකම ධර්ම මාර්ගයේ යන්නත් උපකාර වෙනවා, උදව් වෙනවා. ඒ අයට ඕනෑම වෙලාවක ධර්ම මාර්ගයේ යන්න පුළුවන්. බොහොම පහසුයි. බැඳීම් නැහැ. බර නැහැ, බැමි නැහැ. ඒ ඔක්කොගෙන්ම නිදහස් වෙලා. දැන් දරුවෙක් හිටියනම්,එදා ඉඳන් ඉස්කෝලේ යවන්න ඕනේ, ඉස්කෝල හොයන්න ඕනේ, වියදම් කරන්න ඕනේ, දරුව ගියාට පස්සෙ බයෙන් ඉන්න ඕනේ ආපහු එනකන්, කන්න බොන්න හදන්න ඕනේ, දරුවව හොරු ගෙනියයිද, වැරදි පාරක යයිද, තව ලොකු වෙනකොට මේ දරුව වැරදි මාර්ගයේ යයිද,දුරාචාරයේ යයිද, අනාචාරයේ හැසිරෙයිද, රස්සාවක් හම්බවෙයිද, නිකමෙක් වෙයිද තව කොච්චර දේවල්ද? ඔය ඔක්කොම උනේ මොකද? අර දරුවෙක් ලැබුනු නිසයි.දැන් ලැබුනම තමයි මේ දුක, නොලබුනානම්, අපෝ දරුවෙක් නෑ කිය කියා හඬා වැළපෙනවා. එහෙම නැතිනම් දෙස් දෙවොල් තියනවා, ද්වේශයෙන් කරයුතු කරනවා. ඒක වැරදියි. ඒක අල්පේච්ඡතාවය නෙවෙයි. ඒක ලද දෙයින් සතු‍ටු වීම නෙවෙයි.

(සමාජ සම්මතය නිසා විඳෝනවා)

සමාජ සම්මතය නිසා තමයි, අපෝ මේ ජෝඩුවට දරුවෙක් වත් නෑ කියල , චාරිත්‍ර වාරිත්‍ර සමාජයේ බොහොම ද්වේශයක් ඇති වෙනවා. ඒවා වැරදියි.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න