329. සිතට තරහ වෛරය ආ විගස, එම මොහොතෙහිම එය සිතින් ඉවත් නොකර කල් වේලා ගෙන එය ඉවත් කිරීම නිවැරදිද​?

ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. දැන් අපි හිතමුකෝ, තරහක් ආවා, තරහා වැරදි බව තේරුම් ගත්තා, තරහා දත් මිටි කාලා නවත්ව ගත්තා. විනාඩි පහකින් හයකින් තේරෙනවා, මේ වැරදි බව. ඒක එක පියවරක් පමණයි. අර පාන කියන එක කළා. ආන නැහැ. ආන අඩුයි. මොකක්ද ආන? අපි. ඒ තරහා තත්වයට, අත්තාතියෝ වදෙය්ය අනත්තං. මේකයි තේරුම් ගන්න ඕනි. එතකොට අපි මෙතෙක් කල් කැමැති දෙ මොකක්ද? තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අර මිනිහව කොනිත්තලා ගහලා බැනලා රණ්ඩු කරලා ඒ මිනිහට සැර කරලා කටයුතු කරන්න. දැන් ඒක වැරදියි. අත්තාතියෝ වදෙය්ය. ඒක වැරදියි. අපි කරන්න ඕනේ මොකක්ද? අපි තේරුම් ගන්න ඕනේ ඒ පුද්ගලයාත් මේ අඥාන වූ, මෝහයෙන් කටයුතු කරන අනවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයෙක්, අපි ඔය පුද්ගලයට ගහලා, බැනල, තරව‍ටු කරලා හරියන්නේ නැහැ. අපි ඒ පුද්ගලයටත් මෛත්‍රී කරන්න ඕනේ ඒ මොහොතේ. ඒ පුද්ගලයත් දැන් අපි, අර බනින ,මිනිහට හොඳ සින්දුවක් දාගෙන ඉන්නවා වගේ අපි අහගෙන ඉඳලා ඒ පුද්ගලයට මෛත්‍රී කරන්න් අපුලුවන් උනොත් අන්න, ආන පාන දෙකම තියෙනවා. ආන, පාන දෙකම තියෙන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ. තරහා අයින් කරන්න ඕනේ, මෛත්‍රිය කරන්න ඕනේ. ඒකයි ආන පාන. නැතුව වෙන මොකක්වත් නෙවෙයි. දැන් මේ ආන පාන කියන්නේ හුස්ම ගැනීම නෙවෙයි. තරහා ආවත් එක්කම මෛත්‍රියෙන් නැති කිරීම. රාගය, අයින් කරලා නෙක්කම්මය පැතිරවීම. මානය අයින් කරලා, නිහතමානී වෙලා, උපේක්ඛා සිතක් පැතිරවීම . ඒ තුනම ආන පාන. ඒ නිසා, මේ ආන පාන කියන වචනේ හරියටම තේරුම් ගත්තේ නැත්නම්, මේ භාවනාව කරන්න.....ඕක භාවනාවක් වෙනවා. ඔතන සීල, සමාධි, ප්‍රඥා තුනම සම්පූර්ණ වෙනවා, භාවනාව ඔක්කොම වෙනවා, ධම්මානුධම්ම පටිපදාව ඔක්කොම වෙනවා, ආර රාගානුසය, අවිද්‍යානුසය, පටිගානුසය ඔක්කොම නානුසේති වෙනවා. සම්පූර්ණයෙන්ම වෙනවා. ඒ මොහොතයි, අර මෛත්‍රී කරන මොහොතයි අතර පොඩි පරතරයක් තියෙන්න පුළුවන්. ඒ පරතරය, කලයත්ම පුරුදු වුනාම පුහුනු වුනාම, නැතිවෙලා යනවා. එකපාරටම කරන්න බැහැ. මොකද, පුරුද්ද වෙන එකක්නේ. නමුත් ඔය ........වැඩේ එන්න එන්න, එන්න එන්න විනාඩි පහකට අඩු වුනානම් ඒත් ඇති. ඊට පස්සේ හතරට බහිනවා, තුනට බහිනවා, දෙකට බහිනවා, තත්පරයට බහිනවා. තත්පරයක්වත් යන්නේ නැතුව එනකොටම, යන තත්වයට පත්වෙනවා, අන්තිමට.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න