330. "සීලය" අනුගමනය කර අනුසය න අනුසේති කළ හැක්කේ කෙසේද?

බොහොම හොඳයි. ඒ මහත්තය ඇහුවේ, සීලය අනුගමනය කරලා කොහොමද රාගානුසය, පටිගානුස්ය, අවිද්‍යානුසය තුනම අනුසය වෙන්නේ? දැන් සීලයෙන් කරන්නේ මොකද? අර භාහිරින් අළුතෙන් එකතු වෙන දේ, නවත්වනවා. සංවර. වාරණය කිරීමක්. මොකක්ද වාරණය කරන්නේ? සං. සං කියන්නේ මොනවද? රාගය, ද්වේශය, මෝහය. දැන්, කොහෙන්ද මේ රාග, ද්වේශ, මෝහ උපදින්නේ, පටිච්ච වෙන්නේ කොහාටද? ඉන්ද්‍රීයට. එතකොට සීලයෙන් කරන්නේ මොකක්ද? ඉන්ද්‍රීය සංවරය. ඉන්ද්‍රීය හයම සංවර කරගන්නවා. ඉන්ද්‍රීය හයම අසංවර නම් තමයි, රාගානුසය, පටිගානුසය, අවිද්‍යානුසය උපත ලබන්නේ. එතකොට ඉන්ද්‍රීය සංවරය තියෙනවානම්, රාගානුසය, පටිගානුස්ය, අවිද්‍යානුසය භාහිරින් එන ඒවා නැහැ. නමුත් අධ්‍යාත්මිකව එන ඒවා නවත්වන්න බැහැ. තවම. සීලයෙන් බැහැ, අධ්‍යාත්මිකව එන ඒවා නවත්වන්න. ඒවා තියෙන්නේ අර රාග ගතිය, ද්වේශ ගතිය, මෝහ ගතිය, හැටියට චිත්ත සංතානය ඇතුලේ තැන්පත් වෙලා තියෙන ඒවා සීලයෙන් නවත්වන්න බැහැ. ඒවා නවත්වන තමා ඉතුරු දෙක. ඉතින් ඒක නිසා, සීලයෙන් කර ගත්ත දේ, පළමුවෙන්ම කර ගන්න ඕනේ කියන්නේ මේ භාහිරින් වශයෙන් අපි ඇහෙන් පටිච්ච වෙලා, රූපයකට, කනෙන් ශබ්දයකට, නහයෙන් ගඳ සුවඳකට, කයෙන් පහසකට පටිච්ච වෙලා, මේ ඉන්ද්‍රීය පහත් අසංවර වෙලා. මේක සීලයෙන් කර ගත්තේ නැත්නම්, බාහිරින් එන ආගන්තුක උපකිලිට්ටේන නැවත්තුවේ නැත්නම්, අපිට සංවර සීලය පලමුවෙන්ම වැදගත් දේ. හැබැයි සංවර සීලයේ පිහිටන්න බැහැ මේ ධර්මය අහන්නේ නැතුව. මේ ධර්මාවබෝධයක් නැතුව, සිල් සමාදන් උනැයි කියලා ඔය සිල් පද කිව්වැයි කියලා හරි යන්නේ නැහැ. ඉතින් ඒක නිසා, මේ සිල් පද කියව කියවා ඉන්න එක හෝ, ඔය මුලු ත්‍රිපිටකයම සජ්ජායනා කර කර ගායනා කර කර ඉන්න එක හෝ ඔය කියන අනුසය නැතිවෙන්නට හේතුවක් නෙවෙයි. අනුසය නවත්තන්න පුලුවන් ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා අපි මේ අනුසය නවත්වන්න නම්, නියත වශයෙන්ම සංවර සීලයේ පිහිටන්න ඕනේ, සං සිඳවන්න ඕනේ, සංමා වෙන්න ඕනේ. වෙන මොකකින්වත් කරන්න බැහැ. ඔය තුනෙන් පුළුවන්.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න