332. සද්දස්ස කුලපුත්‍රයෙක් "බුද්ධ" ශක්තියට අනුගත වන්නේ කෙසේද​?

ඔවු දැන් මෙහෙමයි. බුද්ධ ශක්තිය කියන එක තේරුම් ගන්න ඕන. සද්දස්ස කුලපුත්‍රස්ස වෙන්න නම් බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. මොකද්ද බුද්ධ ශක්තිය කියන්නෙ, දැන් බුදු හාමුදුරුවො ඔය ඇහැටු වෘක්ශය ගාවට ගිහිල්ල බුදුහාමුදුරුවොත් බුද්ධ ශක්තියට අනුගත වුනා, අතීත සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වූ මේ රමනීය භූමි භාගයේ අරිය පර්යේශන සූත්‍රයේ පැහැදිලිව තියනව බුදුහාමුදුරුවොත් ගවුතම බුදුහාමුදුරුවොත් බෝසත් වෙලා බෝසත් තුමා ගිහිල්ල මේ රමනීය භූමි භාගයේදී මේ ඇහැටු බෝධි වෘක්ශය ලගදි බුද්ධ ශක්තියට අනුගත වුනා.
මොකද්ද බුද්ධ ශක්තිය කියන්නෙ රාග බව, ද්වේශ බව, මෝහ බව කියන කෙලෙස් ශක්තිය සිතින් උදුරා දමන ශක්තිය බුද්ධ ශක්තිය. දැන් බුද්ධ එහෙම නැත්නම් බුද්ධ පූර්න දේවල් සත්තිස් බෝධිපාර්ශ්වික ධර්ම වලට මොනාද කියන්නෙ, බුද්ධ කාරක ධර්ම. මේ රාග බව, ද්වේශ බව, මෝහ බව, උදුරා දමන ඊට උපකාර වන ධර්ම බොදි කාරක දර්ම සත්තිස් බෝධි පාර්ශික ධර්ම. එතකොට රාගය ද්වේශය මෝහය හිතෙන් උදුරා දමන්නට උපකාර වන මෙන්න මේ පෙර බුදුවරුන්ගේ අනුගත වූ ශක්තිය තියන මද්‍ය මන්ඩලයේ මේ ශක්තිය තියනව. ඒක විශ්ව ශක්තියක් ඒක අර නාසායතනයේ ගූගල් මැප් එකේ මේ පෘතුවියේ තියනව මේ මිහිතලයේ ගුරුත්වාකර්ශන ශක්තිය ඒ කියන්නෙ මෙතන බිම්බර වූ ශක්තිය, බිම්බරවූ ශක්තිය අවම තැන තමා මද්‍ය මන්දලයේ හිරිවඩුන්න. ඒක අද උනත් ඕන කෙනෙකුට ගූගල් මැප් එකට ගිහිල්ල බලන්න පුලුවන් නාසායතනේ විද්‍යාඤ්ඥ්යො විග්‍රහ කරල තියනව මේක වෙනම පාටකින් ලකුණු කරල, එතන තමා මද්‍ය මන්ඩලේ. එතනට ගියහම මේ බුද්ධ ශක්තියට අනුගත වෙනව රාගය ද්වේශය මෝහය උදුරා දමන ශක්තිය තමා බුද්ධ ශක්තිය වෙන මොකක්වත් නෙමේ. ඉතින් ඒක නිසා තමන්ටත් තමන්ගෙ හිතේ උපදින රාගය ද්වේශය මෝහය උදුරා දමන්නට අවශ්‍ය නම් ඒය උදුරා දමන හැකියි කියල දැන ගෙන ඒ අනුව සද්දස්ස කුලපුත්තස්ස වෙන්න සෝතාවදාන්මයේ පඤ්ඥා සුතමයේ ඥානය ලබා ගන්න ඕන, පරතෝගෝශක ප්‍රත්‍ය ලබා ගන්න ඕන.
ඊට පස්සෙ ඒ පරතෝගෝශක ප්‍රත්‍‍යෙ දෙවනි පියවර තමා මේ බුද්ධ ශක්තියට අනුගත වන ස්තාන 4 ක් චත්තාරෝථානානි. මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ දීග නිකායෙ බුදුහාමුදුරුවො දේශනා කරල තියනව අන්තිම විනාඩි 5 තුල, බුදුහාමුදුරුවො පිරිනිවන්පාන්නට විනාඩි 5 ක් වත් නැතුව ආනන්ද හාමුදුරුවො ප්‍රශ්නයක් ඇහුව. ආනන්ද හාමුදුරුවො ඇහුව භාග‍යතුන් වහන්ස ඔබ වහන්සේ ජීවත් වෙල සිටිය අවුරුදු 45 තුලම මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බුදු රුව, බුදු හඩ, බුදු බල, බුද්ධ ශක්තිය, ශ්‍රාවකයන්ගේ බුදු බන උපකාර වෙනවා. දැන් ඔබවහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ මේ බුදු රුව නැති වෙනව බුදු බල බුද්ධ ශක්තිය නැති වෙනව ඒ නිසා පුද්ගලයන්ට සෝතාපන්න වෙන්න සද්දස්ස කුලපුත්තස්ස වුනත් සෝතාපන්න වෙන්න බෑ නේද කියල ඇහුව. ඒ ගමන බුදුහාමුදුරුවො පැහැදිලිව ප්‍රකාශයක් කලා නෑ ආනන්ද මේ චත්තාරෝ ථානානී, චත්තාරෝ ථානානි කියන එක හොදට තේරුම් ගන්න ඕන මාගධී වචනයක් මේ චත්තාරෝ ථානානි කියන්නෙ, එක රේකාවක එක පෙලට සමාන්තර දුරින් පිහිටි ස්තාන 4 ක් කියන එක. ඒ ස්තාන 4 ක මෙන්න මේ ස්තාන 4 ඒ කියන්නෙ සිදුහත් කුමාරය උප්පත්තිය සිදු වූ තැන බෝසත්. බුද්ධත්වයට පත් වූ තැන. ප්‍රතම දම්සැක්පැවතුම් සූත්‍රය පැවැත්වූ තැන සහ පිරිනිවන් පා වදාල ස්තාන 4 තියනව මේක එක රේකාවක එක අක්ශයකට පිහිටල තියනව. ඉතින් එහෙම එකක් ලෝකෙ වෙන කොහෙවත් ලෝකෙ පිහිටල නෑ මේ හෙල බිමේ ජම්බුද්වීපයෙ මිසක්. ඒ නිසා එතන ඒ ස්තාන හතරේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුලුවන්. රාගය, මෝහය ද්වේශය උදුරා දමන්න පුලුවන්, හැබැයි එතනත් සීමාවක් තියනව, සීමාව තමා සද්දස්ස කුලපුත්තස්ස වූ කෙනෙක්ට, සද්දස්ස කුලපුත්තස්ස නොවූ අසද්දස්ස පෘතක්ජන පුද්ගලයන්ට හිරිවඩුන්න බෝධිය ගාවම වැඩ කරගෙන ඉන්න අසද්දස්ස අස්සෘතවත් පෘතක්ජන පුද්ගලයො ඉන්න පුලුවන්. ඒ වුනාට ඒක හරියන්නෑ. ඒ නිසා පලවෙනි කොන්දේසිය සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානන් සන්වේජනීයානන්, දස්සනීයානන් සන්වේජනීයානන් කියන්නෙ සම්මා දිට්ටියෙන් සෝතාපන්න පලයට පත් වෙන්න අවශ්‍ය වන්නාවූ බුද්ධ ශක්තිය ලැබෙනව ඒ බුද්ධ ශක්තිය ලැබෙන්නෙ සද්දස්ස කුලපුත්තස්ස, සද්දස්සකුලපුත්තස්ස තත්වයට පත්වෙන්න නම් සෝතාවදානේ පඤ්ඥා සුතමයේ ඥානය ලබා ගන්න ඕනෙ කියල බුදුහාමුදුරුවො පැහැදිලිව දේශනා කළා.
ඒ නිසා මේ ධර්මය අහල බුදුහාමුදුරුවන්ගෙ බන, බහ නෙමෙයි බන අහල, බුදුහාමුදුරුවන්ගෙ බන කිව්වෙ ධර්මය, බව නසන ධර්මය, බව හදන ධර්මය නෙමේ. අද බන කියල කියන්නෙ බහ. බව නසන ධර්මය බන, බව හදන ධර්මය රාගය ද්වේශය මෝහය හදන ධර්මය බහ. ඉතින් ඒක නිසා මේක හොදට තේරුම් ගන්න ඕන බන කියන්නෙ බව නසන ධර්මය ඒක තමා පටිච්චසමුප්පාද ධර්මය. ඒක තමා උතුම් බුද්ධ දේශනාව. එතකොට මේ බව නසන දර්මය තේරුම් ගත්ත නම් අන්න ඒ පුද්ගලය ඒක සෝතාවදානේ පඤ්ඥා සුතමයේ ඥානයක් ලැබෙන්න ඕනේ, ලැබෙනව. එනිසා ඒ පුද්ගලයට පුලුවන් වෙනව සද්දස්ස කුලපුත්තස්ස වෙන්න, සද්දස්ස කුලපුත්තස්ස කියන පුද්ගලයෙක් ඔය චත්තාරෝ ථානානී වලින් එක තැනකට හෝ ගිහිල්ල විශේශයෙන් හිරිවඩුන්න බුද්ධ ශක්තිය අනුගත වෙලා තියන මද්‍ය මන්ඩලයට ගිහිල්ල මේකට අපි ඒ සද්දස්ස කුලපුත්තස්සය මෙතන ගිහිල්ල භක්තියෙන් නෙමේ බොහෝම තමන්ගෙ ඒ රාගය, ද්වේශය, මෝහය උදුරා දමන්න අවශ්‍ය වන බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුලුවන් ඒ පුද්ගලයාට සෝතාපන්න පලයට පත්වෙන්න පුලුවන් බව මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි පේලියේ බුදුහාමුදුරුවො පිරිනිවන්පාන්න විනාඩි 5 කට ඉස්සෙල්ල ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලිව පිරිසිදුව දේශනා කලා. දැන් මෙතනත් මේ කාගේත් දැන ගැනීම සදහා තවත් පොඩි විග්‍රහයක් කරන්න ඕන.
දැන් මේ අපි දන්න දීපංකර බුදුහාමුදුරුවන්ගෙ ඉදන් අනාගත වන්ශ දේශනාවෙ තියනව සූවිසි බුදුවරයන වහන්සේල ගැන. අර කොන්ඩඤ්ඥ මේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙ ඉදන් ඊට පස්සෙ සිඛි, වෙස්සබු, කෝනාගම, කකුසඳ, කශ්‍යප, ගෞතම වශයෙන් 24 බුදු වරුන් වහන්සේලා නමක් ලොව්තුරා බුද්ධත්වයට පත් වූ අය පිලිබදව විග්‍රහ වෙලා තියනව අනාගත වංශ දේශනාවෙ. දැන් මෙතනදි අපි මේ 24 බුදුවරුන් වහන්සේලා පිළිබද පමනක් සලකා බලනව නම් මේ බුදුවරු කොටස් 3 කට අයිතියි. එකම ආකාර වූ බුදුවරු නෙමෙයි 1ක් ප්‍රඤ්ඥා සාසනයට අයිති ප්‍රඤ්ඥා වන්ත බුදුවරු. 2 වීර්‍ය සාසනයට අයිති වීර්‍යවන්ත බුදුවරු. 3 ශ්‍රද්දා සාසනයකට අයිති ශ්‍රද්දාවන්ත බුදුවරු. එතකොට දැන් නිවන් දකින්න බුද්දත්වයට පත්වෙන පසේ බුදු කෙනෙක් හෝ ලොවුතුරා බුදු කෙනෙක් හෝ අරිහත් බුදු කෙනෙක් හෝ මේ කවුරුත් එක්කො ප්‍රඤ්ඥ සාසනයෙන් බුද්දත්වයට පත් වෙන්න ඕන. එක්කො වීර්‍ය සාසනයෙන්, එක්කො සද්ධා සාසනයෙන්. දැන් මෙතන සාසන 3 ක් තියනව. දැන් ප්‍රඤ්ඥා සාසනයෙන් බුද්ධත්වයට පත් වෙන බුදුවරයෙකුගෙ ශාසනේ පමනක් බුදු පියානන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ අර යම් කිසි කාලයක් මේ බුද්ධ ශාසනේ පැවතිලා නිවන් දකින්නට උපකාර වන ආකාරයට මේ දර්මය යම් ආකාරයකට වරින් වර වරින් වර මතු කරගන්න පුලුවන්. අර ස්‍රද්දා ශාසනයක කිසිසේත්ම බුදු පියානන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසනේ අවසන් වුනාට පස්සෙ තවත් අලුතෙන් සෝතාපන්න වෙන්න පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ.
ඒක නිසා දැන් පසුගිය බුදුවරුන් වහන්සේලා 5 නමක්ම එක්කො සද්දා සම්පන්න එක්කො වීර්‍ය සම්පන්න දැන් මතු බුදු වන මෛත්‍රී බුදුවරයානන් වහන්සේත් ශ්‍රද්දා සම්පන්නව බුද්ධත්වයට පත් වෙනව. එහෙම බුද්ධ ශාසනයක අර බුදුපියානන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ මේවගේ මේ චත්තාරෝථානානී වැඩක් නෑ ඇයි බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ ඒක නිසා ඒ බුදුවරුන් මේව දේශනා කරල නෑ ඒක නිසා ගවුතම බුදුහාමුදුරුවො මේක අවසාන මොහොතේ දේශනා කලා මෙන්න මේ ප්‍රඤ්ඥා වන්ත බුද්ධ ශාසනයක පමනක් බුදුපියානන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා නැවතත් වරින් වර මේ ධර්මය මතු වෙලා මේ සං දේශනාව දේශනා කරල මෙහෙම මේ බුද්ධ දර්මය මතු වෙනව කියල, ඒ අයට අරක ලබාගෙන නිවන් දකින්න නිවන් අවබෝද කරගන්න පුලුවන් කියල . ඒ නිසා මේ ප්‍රඤ්ඥා වන්ත ශාසනේක පමනක් අරහත් තත්වයට පත්වෙලා අරහතුන් වහන්සේල හැටියට නැවත නැවතත් මේ බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්නට පුලුවන්.
දැන් කශ්‍යප බුදුපියානන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ ගවුතම බුදුහාමුදුරුවො මේ කුසලස්ස උපසම්පදා කියන මේ කුසල් කුසල් හැටියට තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරගෙන, ධර්මය දේශනා කරන කාල පරාසය අතර තුර බොහෝ අය තව නිවන් දැක්කා, බුද්ධත්වයට පත් වුනා. හැබැයි ඒ අය පච්චේක බුද්ධ, එහෙම නැත්නම් පසේ බුදුවරු. ඒ නිසා මේ බුද්ධත්වයට පත් වෙන්න බැරි කමක් නෙමේ තියෙන්නෙ අර පරතෝගෝශක ප්‍රත්‍ය ලබල තමන් තමන්ට මේ ධර්මය අහල දැන ගෙන සං දේශනාවක් අහල දැන ගෙන අරහත් බුද්ධ තත්වයෙන් බුද්ධත්වයට පත් වෙන්න බැරි කමක් පමණයි තියෙන්නෙ. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ මෙහෙම යම් විශේශයක් තියනව හේතුව ප්‍රඤ්ඥා බුද්ධ ශාසනය තිබීමත්, ඒ බුද්ධ ශාසනය අවුරුදු 45 කට සම්මත වශයෙන් අවුරුදු 45 කට සීමාවීමත් නිසා. නමුත් කාශ්‍යප බුද්ධ ශාසනය බොහෝ දිගයි මේ ශ්‍රද්ධාදික බුද්ධ ශාසන දිගයි. නමුත් ප්‍රඤ්ඥා බුද්ධ ශාසන කෙටියි නමුත් බුදුහාමුදුරුවො පිරිනිවන් පෑවට පස්සෙත් යම් කාලෙක යම් කාලයක් යන තුරු මේ බුද්ධත්වයට පත් වෙන්නට වරින් වර වරින් වර ඒ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය තියන අයට මේකට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුලුවන්. ඒ නිසා තමා මේ බුදුහාමුදුරුවො චත්තාරෝ ථානානී විග්‍රහ කරල මෙන්න මෙහෙම එකක් තියනව කියල දේශනා කලේ. ඉතින් ඒකත් තේරුම් ගන්න ඕන කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙ ශාසනයෙ මෙහෙම විග්‍රහ කරේ නෑ. කකුසද කෝනාගම ශාසන වල මෙහෙම විග්‍රහ කරල නෑ. නමුත් මේ ගවුතම බුදුහාමුදුරුවො පමනක් විග්‍රහ කලා ඒ නිසා මේ හැම කෙනෙකුටම මේක අමතක වෙලා, මතක නැති වෙලා තිබුනෙ ඒකයි මේකට හේතුව.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න