333. මව් කුසකට "ගන්ධබ්බයෙක්" ඇතුලු වීමේදී කුසලය හා අකුසලය බලපාන්නේ කෙසේද​?

දැන් එතෙන්දි කුසල කර්ම අකුසල කර්ම වලට වඩා පාප කර්ම පුන්‍ය කර්ම බලපානව. කර්ම 4 ක් තියනව, පුන්‍ය කර්ම, පාප කර්ම, කුසල කර්ම, අකුසල කර්ම. හැබැයි ඔය කර්ම හතර, හතර පැත්ත, හැබැයි ඔය කර්ම කුසකට, මවු කුසට යම් කෙනෙක් ඇතුල් වීමේදී තව කර්ම විග්‍රහයක් තියනව මහා කම්ම විභන්ග සූත්‍රයේහී, චූල කම්ම බිභන්ග සූත්‍රයේ. මෙතනදි තියනව මේ කර්මය කියන එක නැවතත් විග්‍රහ කරල ආනන්තරික පාප කර්ම කුසල කර්ම, අපරාපරික පාප කර්ම කුසල කර්ම, ඒ වගේම ගරුක පාප කර්ම කුසල කර්ම, ඒ වගේම අර ආසන්න, ආචින්න, ආචික්කන පාප කර්ම කුසල කර්ම, උපස්තම්බක පාප කර්ම කුසල කර්ම, ඒ වගේම උපඝාතක උපපීඩක මෙහෙම දිගින් දිගටම දිගින් දිගටම තව හුගාක් තියනව. මේවා ඔක්කෝම තීරකයෙක් තීරණය කරන්නෙක් ඉන්නව. ඒක තමා අර දර්ම නියාමය කර්ම නියාමය ඉර්තු නියාමය බීජ නියාමය චිත්ත නියාමය කියන නියාම ධර්ම පහ. ඒ නියාම ධර්ම පහ කොහේ ගියත් කොතනත් ක්‍රියාත්මක වෙනව මාරය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. මේක බුද්ධ දේශනාව. ඒක නිසා ඒ කර්ම කරන්නෙත් තමන්, ඒක නිසා බුද්ධ දර්මයෙ කර්මයේ කොටසක් තියනව. හැබැයි කර්මයට ප්‍රති කර්ම කරන්නත් පුලුවන් උපකර්ම කරන්නත් පුලුවන් සම්‍යක් ප්‍රයෝගයෙන් කර්මය අහෝසි කරන්න,එහෙම නැත්නම් කර්මයෙන් වෙන් වෙන්න නිදහස් වෙන්න පුලුවන්. ඒක නිසා බුද්ධ ධර්මය කර්ම වාදයක් උනේ නෑ. නමුත් මේ කර්ම විග්‍රහයක් කරන්න ගියොත්, දැන් මවු කුසකට කෙනෙක් එන්න අර නය ගනු දෙනුවක් තියෙන්නම ඕන. නයක් ගන්නම ඕන, නයක් ගෙවන්නයි එන්නෙ, නයක් ගන්නයි එන්නෙ, ඉතින් ඒක නිසා මේ නය සම්බන්ද තාවයක් අන්න තියනව සං උප්පාදය. සම්බන්දයක් උපත ලැබුවේ නැත්නම්, සම්බන්දයක් නැත්නම්උපත හදා ගත්තේ නැත්නම් කිසි දවසක මේ හේතුවක් නිසා පටිච්ච වෙන්න බෑ, දරුවෙක් උපදින්න බෑ, සම්බන්දයක් නැති නම්. දැන් තමන්ට දරුවෙක් වෙලා යම් කිසි කෙනෙක් උපත ලබනව නම් මේ මොහොතට පෙර කවද හෝ තමන් නය වෙච්ච කෙනෙක්. ඒකයි කිව්වෙ මේ දරු කියල, දරන්න වෙනව, නය දෙන්න වෙනව, නය ගෙවන්න වෙනව, කිරි දෙන්න වෙනව, ඒක නිසා තමා මේ දරුවෙක් වෙලා උපදින්නෙ මේ දරුවට ආදරය කරන්නෙ අර ඉස්සෙල්ල තිබුනු අර අතීතයේ තිබුනු සෙනෙහසමයි වෙන මොකක්වත් නෙමේ සම්බන්දයයි ආදරයයි බැදීමයි ඇලීමයි.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න