336. "ඝණ" සඤ්ඥාව යනු කුමක්ද​?

දැන් අපි හිතමුකො මේ කෝප්පෙ කියල මේ කෝප්පෙ දැන් අපි ගන්නෙ ඝන සංඥාවක් හැටියට, මේ කෝප්පෙ ඝන සංඥාවක් හැටියට. දැන් මේ කෝප්පෙ අපිට බෙදන්න පුලුවන් ආපෝ, තේජෝ, වායෝ, පථවි. මේකෙ තියෙන්නෙ මොනාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඥාන. මේකෙ තියෙන්නෙ මොනාද? නාම රූප. එතකොට මේක බෙදල බැලුවහම විභංග කරල බැලුවහම අපි කෝප්පෙ ගැන නෙමේ අපේ මේ බබයක් පමන වූ ශරීර කූඩුව ගත හිත හැටියට බෙදන්න ඕන, විභංග කරන්න ඕන. මේක බෙදන කොට අපිට පුලුවන් කේසා ලෝමා නකා දන්තා හැටියට කුලක හැටියට බෙදල බලන්න. එතකොට මේ ඝන සංඥාව තියනවද? දුරු වෙනව.
මේ ඝන සංඥාව දුරු වෙන්න තමා පටික්කූල මනසිකාරය, නවසීවතික මනසිකාරය ආදී වශයෙන් වූ පටික්කුලක මනසිකාරය, දාතු මනසිකාරය ඔක්කෝම, උපකාර වෙන්නෙ මේ පුද්ගලයෙක් සත්වයෙක් හැටියට අපි තීරනය කරගෙන තියන දකින දැනගෙන තියෙන අපි හැම කෙනෙක්වම මගේ භාර්‍යාව, මගේ පුරුශයා, මගේ දරුව, මගේ අම්ම, මගේ තත්ත, මේ මොනවද? ඝන සඤ්ඥා. නමුත් මේකෙ මේ ඝන සඤ්ඥාව දුරු වෙන්නෙ අපි අර මේ පටික්කූල මනසිකාරයෙන්, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට මේ ඝන සඤ්ඥාව දුරු වෙනව. මෙතන තියෙන්නෙ හේතු පල පරම්පරාවක් ක්‍රියාත්මක වෙන නිසා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කටයුතු කරන නිසා හදාගත්තු කූඩුවක් දිගින් දිගටම පවත්වා ගෙන යන හේතු පල පරම් පරාව. ඒකයි අපි සත්වයෙක් පුද්ගලයෙක් හැටියට දකින්නෙ ඒක දුරු වෙනව මේ පටිකූල මනසිකාරය, මේ නවසීවතික මනසිකාරය, අර දාතු මනසිකාරය හරියට තේරුම් ගත්ත්හැම.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න