337. කාම තන්හා, භව තන්හා, විභව තන්හා යනු කුමක්ද​?

තන්හා එකක් අරගෙන හරියන්නෑ 3 ම ගන්න ඕන. තන්හා 3 ක් තියනව මොනාද කාම තන්හා, භව තන්හා, විභව තන්හා, තව තියනව වස්තු කාම ක්ලේස කාම තන්හා කියල 2 ක්, කාම තන්හා දෙකකට වැටෙනව, වස්තු කාම ක්ලේස කාම. දැන් කාම තන්හා කියන්නෙ ඇහැ කන නාසය දිව කය කියන 5 ආශ්වාදයෙන් පිනවන, තැනක හා වෙන, තැනක තන්හාවක් ඇති වන අර ආශාවක් ප්‍රිය බවක ඇති වන තන්හාව මොකද්ද? කාම තන්හා. දැන් මේ ඇහැ කන නාසය දිව කය කියන 5 යම් ආකාරයට පිනවන ආශ්වාදයක් ලබා දෙන දේවල් වලට කියනව කාම තන්හා. ඒක වස්තු කාම ක්ලේස කාම කියල 2 කට බෙදල තියනව. හැබැයි මනට හිතට ඇති වන දේ 2 කට බෙදල තියනව, භව තන්හා විභව තන්හා. භව තන්හා කියන්නෙ, මේක කියනව කාම රූප රාග විභව තන්හාවට අරූප රාග. දැන් මෙතන මේ භව තන්හා කියන්නෙ යම් කිසි තත්වයකට, භව කියන්නෙ රජ බව, සිටු බව, දෙවි බව, භ්‍රහ්ම බව, පෝසත් බව, දනවත් බව, රූපවත් බව, නිරෝගි බව, තව මෙහෙම තියනව බොහෝම භව. ඒකට කියනව ඒකත්වයට පත්වෙන්නට ඒකත්වයට හා වෙන්නට ඇති කැමැත්ත, පටිච්ච වීම මොකද්ද භව තන්හා. හැබැයි අපිට මේ භෞතික ලෝකය තුල රූපී වශයෙන් දැක ගන්න පුලුවන් දේට කියනව බව තන්හාව. අපිට රූපී වශයෙන් දැක ගන්නට බැරි තැනකට අපේ තන්හාව ඇති වුනොත් ඒ තැනට යන්න ඒකට කියනව අරූපී විභව තන්හා ඒකෙන් වෙන් වීමට ඇති කැමැත්තටත් කියනව විභව තන්හාව තියනව වෙන් වීමට ඇති අකමැත්ත. ඒ වගේම අපි නොදන්නා තැනකට යන්න තියන කැමැතත් අරූපී බව තන්හා.
ඉතින් ඒක නිසා දැන් භ්‍රහ්ම බව ඒ කාලෙ බුදු හාමුදුරුවො හිටිය කාලෙ තිබුනෙ මොකද්ද හැමෝම බ්‍රහ්මත්වයට පත් වෙන්නයි ඔක්කොම කලේ. සියලුම භ්‍රහ්ම ජාල සූත්‍රයේ තියන ඔක්කෝම ආගම් වලින් මොකද්ද කලේ භ්‍රහ්මත්වයට පත් වෙන්නයි කටයුතු කලේ. ඒවා බොහෝ දුරට අරූපී රාග එහෙම නැත්නම් අර විභව තන්හා කොටසට අයිති වෙනව. 3 ම තේරුම් ගන්න ඕන. කාම තන්හා, බව තන්හා, විභව තන්හා, රූප රාග, අරූප රාග, ඒ වගේම කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඔය ඔක්කොම වචන වලට කිව්වෙ අපේ මේ බබයක් පමන වූ ශරීර කූඩුව තුල ඇති වන වෙනස් කම් වලට හේතු දක්වන චර බවට හේතු වන මේ ගමන යන්නට හේතු වන රිය ගමනට හේතුවන රිය පර්යේශනයක්, එහෙම නැත්නම් අනරිය පර්යේශනයක් කරන දේවල්.
පර්යේශන 2 ක් තියනව බුදුහාමුදුරුවො කාලයක් කලේ මොකද්ද? අනරිය පර්යේශනයක්. ඊට පස්සෙ බුදු හාමුදුරුවො අරිය පර්යේශන සූත්‍රයේ කිව්වා මෙන්න මම අරිය පර්යේශනයක් කළා කියල. එතකොට මේ හැම කෙනෙක්මත් මේ වෙනකම් සමහරවිට අනරිය පර්යේශනයක් එහෙම නැත්නම් රිය පර්යේශනයක්. ඒ කියන්නෙ දිව්‍ය ලෝක, භ්‍රහ්ම ලෝක වල යන්න, සැප සම්පත් විදින්න, බෝසත් පෙරුම් පුරන්න, තව නොයෙකුත් ඒව. සමහරු අපායෙ යන්නත් පර්යෙශන කරනව. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හොරකම් කරන අර වැරදි වැඩ කරන ඔක්කොම මොකද්ද කරන පර්යේශනය? අපායෙ යන්න කරන පර්යේශනය. හැබැයි දැන හෝ නොදැන හෝ. ඒ වුනාට මේ වෙලාවෙ ලොකු ආශ්වාදයකින්. දැන් මේ වර්තමාන මොහොතෙ හොදට ඇහැ කන නාසය දිව කය පිනවනව හැබැයි යන්නෙ අපායට, ඒක දැනගෙන හරි නොදැන හරි යන්නේ. ඒක නිසා වරදක් කලොත් යන්නෙ අපායෙ. ඒකත් අනරිය පර්යේශනයක්. ඒක රිය පර්යේශනයක් දිව්‍ය ලෝකෙ යන්න කරන පර්යේශනයත් රිය පර්යේශනයක්, රජ සැප සිටු සැප විඳින්න කරන්න කරන පර්යේශනයත් රිය ර්යේශනයක්. බෝසත් පෙරුම් පුර පුර බෝසත් වෙන්න අර මහායාන ආගමේ තියන බෝසත් පෙරුම් පිරීමත් රිය පර්යේශනයක්. අනරිය පර්යේශනයක්. ඒක අරිය පර්යේශනයක් එහෙම නෙමේ. මේක හොදට තේරුම් ගන්න ඕන අර මන්ජුශ්‍රී බෝසතානන් වහන්සෙ කියල පුද්ගලයෙක් ඉන්දියාවෙ හිටිය මන්ජුශ්‍රී මෙයා ලියල තියනව පාරමී සූත්‍ර 21 ක් ඒ වගේම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සම්පූර්නයෙන්ම අනරිය පර්යේශනයක මග පෙන්වන අනරිය පර්යේශන මේ සංසාර ගමන තව තවත් අතරමං කරන සූත්‍රයක් මිසක අනරිය පර්යේශනයක් නෙමෙයි, අරිය පර්යේශනයට විරුද්දයි. ඒ නිසා හැම කෙනෙක්ම මේ මොහොතේ ඉඳන් කල්පනා කරන්න, තමන් කරන කියන සිතන සියලුම දේ වචී කර්ම කාය කර්ම මනෝ කර්ම 3 ම එක්කො රිය පර්යේශනයකට, අනරිය පර්යේශනයකට හේතු වෙනව, එහෙම නැත්නම් අරිය පර්යේශනයකට හේතු වෙනව. උපකාර වෙනව. ඉතින් ඒක තේරුම් ගන්න ඕන තමන්, වෙන කාටවත් මේක තේරුම් ගන්න පුලුවන් කමක් නෑ, චතුරාර්‍ය සත්‍ය අවබෝද කරගන්න අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ තමන් කරන කියන හිතන දේ දුක්ඛද, දුක්ඛ සමුදයද, නිරෝදයද, නිරෝදගාමී පටිපදාවද, ඔය 4 තමා තේරුම් ගතයුත්තෙ සමුදය නිරෝද කිරීම නිරෝධගාමී පටිපදාව, අරිය පර්යේශනය, සමුදය උපද්දවල සංසාරේ අතරමං වීම දුකට පත් වීම රිය පර්යේශනය, අනරිය පර්යේශනය. පර්යේශන 2යි තියෙන්නේ. දෙයාකාරයි මග්ගේ මග්ග, මග්ග අමග්ග එකක් මග නිවනට එකක් නොමග අමග නිවන වහන මාර්ගය මේ ද්වතාවය තියන දර්මතාවය වැහුවට පස්සෙ ඔය 2 තේරුම් ගන්න පුලුවන් කමක් ලැබුනෙ නෑ.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න