339. විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝද නිශ්චිත, වොස්සග්ග පරිනාමී. සිතක් යනු කුමක්ද​?

දැන් සතර සති පට්ථානේ යෙදීම නිසා හිත ක්‍රමානු කූලව පස්සං බයං කාය සංකාරං, පස්සං බයං චිත්ත සංකාරං කියල මේ සතර සති පට්ථාන සූත්‍රයෙ තියනව. අන්තිමට තියනව විවේක නිශ්‍රිත , විරාග නිශ්‍රිත , නිරෝද නිශ්‍රිත , වොස්සග්ග පරිනාමී, නිබ්බාන ගාමි මාර්ගයට එනවා කියල. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝද නිශ්‍රිත, වොස්සග්ග පරිනාමී. මේක තමා නිවන. රාගයෙන් වෙන් වූ - විරාග, ද්වේශයෙන් වෙන් වූ මෝහයෙන් වෙන් වූ සිතක් විවේක නිශ්‍රිත .
දැන් විවේකාය මේකෙ වචන 3 ක් තියෙන්නෙ, වි වේ කාය, විවේකය කියල අපි කියන්නෙ. විවේක කාලයක් තිබුණු.. මොකද්ද මේ වි වේ කාය කියන්නෙ? දැන් මෙතන වි කියන්නෙ මොකද්ද,

(වේගය)

නෑ වේ කියන්නෙ වේගය, අපි කරන, කියන, හිතන දේවල් වැරදි නම් රාගය, ද්වේශය, මෝහය, නම් යම් වේගයක් උපදිනව, ඒ වේගයෙන් වෙන් වීම මොකද්ද? වි වේක. අර ක්‍රියාව, කාය කියන්නෙ ක්‍රියාව. මනෝ කාය, පොට්ඨබ්බ කාය, චක්කු කාය, ඝාන කාය, සෝත කාය, ජිව්හා කාය, කාය 36 ක් තියනව. 36 ආකාර වූ කාය අර වේගය උපදිනව. ඒකෙ වේගය. වේ ඒකෙන් වෙන් වීම, වි වේ කාය. විවේකාය කියන්නෙ අපි මේ වේගයෙන් වෙන් වෙලා ක්‍රියාව උපේක්ඛා සිතකින් ඉවසනව නම් අන්න විවේක නිශ්‍රිත. එතකොට විවේක නිශ්‍රිත වූ ගමන් වි රාග නිශ්‍රිත රාගයෙන් වෙන් වෙනව එව්ට පස්සෙ, රෝදයෙන් වෙන් වෙනව, නි රෝද. නිරෝද නිශ්‍රිත ඒ අනුව අර සන්සග්ග වොස්සග්ග වෙනව. පටිච්ච අර අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරල පටි නිශ්‍රිත වෙනව.
ඒ නිසා මේ මෙතෙක් කල් ගිය පාර වෙනස් වෙලා වොස්සග්ග පරිනාමී තත්වයට පත් වෙනව පටිනිස්සග්ග වෙනව. ඒක තමා නිවන් මාර්ගය විමුක්ති ඥාන දර්ශනය විමුක්ති මාර්ගය බුදු හාමුදුරුවො පැහැදිලිව, පිරිසිදුව මේ සතර සති පට්ථානෙ දේශනා කරල තියන්නේ. ඒ නිසා දැන් අපි විවේකය කියන්නෙ, අපි හොදට තැනකට වෙලා කයට විතරක් විවේකයක් අරගෙන රූපවාහිනියක් බලනව, එක්කො ක්‍රිකට් මැච් එකක් බලනව මේක මොකද්ද? මේක එක විවේකයක්, මොකද්ද විවේකය? ඒක කය, නමුත් මේ හිතට මනසට තියන අර චිත්ත විවේකය නෑ කාය පස්සදිය තියනව චිත්ත පස්සදිය නෑ ඉතින් ඒක නිසා මේ හිත කය 2 ම අපි විවේකයට පත් කරන්න ඕන. ඒක තමා විවේක නිශ්‍රිත , ඒක එතකොටම විරාග නිශ්‍රිත වෙනව නිරෝද නිශ්‍රිත වෙනව.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න