340. "අනභිරත සඤ්ඥා" යනු මොනවාද​?

දැන් අභි සඤ්ඥා තියනව පුන්‍ය අභිසන්කාර, අපුන්‍ය අභි සන්කාර, අනෙන්ජ අභි සන්කාර. මේව ඔක්කොම යම් ආකාරයක අභි සඤ්ඥා. ඒ නිසා මේ අභි සඤ්ඥා නිවනට බාදායි.
අනභි, මෙතන කියල තියෙන්නෙ අනභිරත සඤ්ඥා. අනභිරත සඤ්ඥා කියන්නෙ මෙ පැවැත්ම තුල ඔය පුන්‍ය අභිසන්කාර කියන්නෙ අපුන්‍ය අභිසන්කාර, අනෙන්ජ අභි සන්කාර 3 ම අපි අතැරල ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නෙ ඔක්කොම යම් ආකාරයක අපි අතැරිය යුතු සඤ්ඥා 10 ක් සඤ්ඥා නිරෝදයක් නෙමේ මේක. අර අනිච්ච සඤ්ඥා අනත්ත සඤ්ඥා ප්‍රහාන සඤ්ඥා විරාග සඤ්ඥා නිරෝද සඤ්ඥා ඒ වගේම අර සබ්බ ලෝක අනභිරත සඤ්ඥා ආනා පාන සඤ්ඥා. මෙහෙම අපි මේ සඤ්ඥාව තමා සන්කාර කරල තමා මේ ලෝකෙ උපාදානය කරගන්න, පන්චස් කන්දය උපාදානය කරගන්නෙ. ඒ නිසා මේ සබ්බේ සංකාරා අනිච්චාතී, සබ්බේ සංකාරා දුක්ඛාතී සබ්බේ දම්මා අනත්තාතී තේරුම් ගත්තට පස්සෙ පුලුවන් කම තියනව මේ ගිරිමානන්ද සූත්‍රේ තියන 10 සඤ්ඥා තේරුම් අරගෙන මේ සඤ්ඥා ප්‍රහාන කල යුතුයි විරාග කල යුතුයි නිරෝද කල යුතුයි. ඒ වගේම අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන්නට උපකාර කරගත යුතුයි ඒ වගේම මේව අභිසඤ්ඥා නොකර අර පුන්‍යාභි සන්කාර ආදී වශයෙන් මේවයින් මිදී නිදහස් විය යුතුයි කියන එක අනභිරත සඤ්ඥා.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න