171. මහමේරු පර්වතය යනු කුමක්ද?

දැන් "මහාමේරු" පර්වතය කියල එකක් ත්‍රිපිටකයේ නං කොහෙවත් නෑ. මහා වංශයේත් නෑ. තියෙන්නේ මොකක්ද? "මහ නෙරු". මේ "මහ නෙරු" කියන එක, මහ නෙරු කියන්නෙ නෙරාගිය කඳුවැටිය.
දැන් ඔය නමුණුකුල කන්දේ ඉඳල, හත්ති කුත්තියට යනකං මහ විශාල නෙරාගිය කඳුවැටියක් හෙළබිමේ තිබුන. ඒකනිසා මේකට කිව්වා "මහ නෙරු" කියල. මේක සිංහලට පරිවර්තනය කරපු පහු කාලෙක, 'මහාමේරු' කියල මේක 'මහ නෙරු' මහාමේරු කලා. දැන් ත්‍රිපිටකයේ පැහැදිලිවම තියනව, තියෙන්නේ 'මහ නෙරු'. මේ ආටානාටිය සුත්‍රයෙත්, මහාසමය සුත්‍රයෙත් තියනව මහ නෙරු කියන වචනෙ. නමුත් පස්සේ කාලෙක මේක මහාමේරු කලා.
ඒ වගේ මේ වචන පරිවර්තනය කරනකොට තමයි මේ වගේ වැරදි පරිවර්තන කරල, මේව වෙනස්කරල තියෙන්නෙ.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න