259. ආනන්ද හිමියන්, "කල්පයක්" වැඩ සිටින ලෙස, බුදුන්වහන්සේට, ආරාධනා නොකලේ ඇයි?

ඒක ධර්ම නියාමයට අදාලව ධර්ම නියාමෙන් සිද්ද වෙච්ච දෙයක්. ඒකියන්නේ, බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා, ආනන්ද හාමුදුරුවන්ට , ආනන්ද යමෙක් ආරාධනා කලොත් බුදු හාමුදුරුවන්ට කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා . මෙතෙන "කල්පය" කිව්වේ අවුරුදු 120ක්.මොකද මිනිස් කල්පය අවුරුදු එකසිය විස්සයිනෙ. ඒක නිසා අවුරුදු 120ක් ආයුෂ වෙනකන් යම්කෙනෙකුට ඉන්න පුළුවන් හැබැයි, ඒ කාල පරාසය යම් කෙනෙක් ආරාධනා කරන්න ඕනේ. නමුත් ආනන්ද හාමුදුරුවන්ට ආරාධනා කරන්න බැරි උනා. අපි ඔය කියනවා මාරාවේසයක් ආවා කියලා. ඒ කියන්නේ, මේ මාරාවේසය කියන්නේ, මේ අර කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය, ඍතු නියාමය, බීජ නියාමය කියන මේ නියාම ධර්ම පහම ක්‍රියාත්මක වෙලා, මේ ආරාධනාව කරන්න බැරි උනා. ඒක තමා මාර බලවේගය කියන්නේ. බුදු හාමුදුරුවෝ දැන් අවුරුදු 80 ක් වෙලා තමයි පාවා නුවරදී තව මාස තුනක් තිබීයදී මේක කිව්වේ. විශාලා මහනුවර ඉඳන් පාව නුවරට ආවා, පාවා නුවරදි තමයි මේ කතාව කලේ.එතකොට තව මාස තුනයි බුදු හාමුදුරුවෝ ජීවත වෙලා ඉන්නේ,. එතකොට අර මාරයෝ ආරධනාවක් කලා කියන එකේ තේරුම මේ පුද්ගලයෙක් ආරධනා කලා හරි මාරයා බලපෑමක් කලා හරි නෙමෙයි. මේ කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය,ඍතු නියාමය, බීජ නියාමය කියන නියාම ධර්ම වලට අනුව, බුදු හාමුදුරුවෝ ප්‍රකාශ කලා තව මාස තුනයි ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා.ඒකයි ඔය ආයු සංස්කාරය ප්‍රකාශ කලා කියන්නේ. ඉතින් ඒක නිසා මෙතෙන්දි ආනන්ද හාමුදුරුවන්ට කොහොමහරි ධර්ම වලට අනුව බුදු හාමුදුරුවන්ට වුනු දෙයක්. බුදු හාමුදුරුවෝ අවුරුදු අසූවෙදි, ඔය පාවා නුවරදි කිව්වා, මං දැන් බකල් ගහන කරත්තයක් වගේ බොහොම අබලන් ශරීර කූඩුවක් තියෙන්නේ කියලා. දැන් මාස තුනක් යනකොට කුසිනාරාවට යනකොට, බුදු හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් ගියේ, බොහොම අසනීප වෙලා ඊටපස්සෙ අර චුන්දකාමාර පුත්‍රයාගෙ අවසන් දානය අරගෙන නොයෙකුත් බඩේ අමාරු හැදිලා නොයෙකුත් ආකාරයට , ඔය නියාම ධර්මම තමා ක්‍රියාත්මක වුනේ. ක්‍රියාත්මක වෙලා කොහොමහරි නියාම ධර්මවලින් පිරිනිවන් පෑවා. ඒක මේ බුදු හාමුදුරුවන්ගේ ඒ කය පවත්වගෙන යන්න පුළුවන් අවසාන කාලය තම්යි. ඊට වැඩිය කල්පයක් ජීවත්වෙන්න අමාරුයි. ඒකතමයි, කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය, ඍතු නියාමය, බීජ නියාමය තෙරුම් ගත්තා නම් ඒක ත්මයි මාර බලවේගය කියන්නේ.

(පංච නියාමය බුදුවරයෙක්ට වුනත් වෙනස් කරන්න බෑ නේද?)

බෑ, ඒක තමයි මං කිව්වේ, බුදුවරයෙකුට, කිසිම මිනිහෙකුට, කිසිම කෙනෙකුට නියාම ධර්ම එකක් වත් වෙනස් කරන්න බැහැ. ඕකම තමයි මාර බලවේගය කියන්නේ, වෙන මොකක්වත් නෙවෙයි.

(ඉතින් ස්වාමීන්වහන්ස, ආනන්ද හාමුදුරුවන්ටත් පෙර කල අකුසල කර්මයක් බලපෑවද?)

එහෙම එකක් නැහැ, ඔය කතාවක්. බුදු හාමුදුරුවන්ව තව ජීවත් කරවන්න පුළුවන්ද ආනන්ද හාමුදුරුවන්ගේ දෙයකින්? ඒක ලෝක ධර්මයට විරුද්ධයි. ඔය "මාර" කියන එක වැරදියට තේරුම් ගත්තැයින් තමා අද මේ ඔක්කොම වෙලා තියෙන්නේ. "මාර" කියන්නේ, මේ නියාම ධර්ම පහ. "මාර" කියන එක විග්‍රහ කරන්නේ ඉතින්, "මා" කියන්නේ මිදී නිදහස් වීම, "ර" කියන්නේ "හය" . ඕකයි තියෙන්නේ. ගති හයක් තියෙනවනේ, ගති හඬ, ගති රඟ ආදී, ඔය හයෙන් මිදී නිදහස් වීම තමයි , ඒක අත හැරියම අර මාරයට ණය වෙන්නේ නැහැ, 'මාර- ණය".

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න