338. සාර අසංඛය කප්පය යනු කුමක්ද​?

දැන් මෙතන තියෙන්නේ සං පිලිබඳ වචන 3 ක්. වචන 3 මොකද්ද? සංසාර කියන්නෙ මෙතෙක් කල් යම් ආකාරයක යම් කාලපරාසයක් සං, රාගය ද්වේශය මෝහය සාරයි කියල හිතාගෙන හිටිය කාලය මොකද්ද? සංසාර කල්පය. ඊට පස්සෙ මේ සං අතහැරිය හැකියි, අලෝභ අද්වේශ අමෝහ ලෙසින්, රාග ද්වේශ මෝහ ලෙසින් අතැරිය හැකියි කියන අවබෝදය, දැනුම, යතාභූත ඥාන දර්ශනය ලැබීම මොකද්ද? අසං. ඊට පස්සෙ මේ රාගය ද්වේශය මෝහය තමන්ගෙ හිතෙන් සහමුලින්ම කපල සහමුලින්ම ඉවත් කරන්නට පුලුවන් බව තේරුම් ගත්තෙ මොකද්ද? සංඛය. එතකොට මේ වචන 3 සංසාර, අසං, සංඛය. මේ සඳහා ගත්ත, මේක තේරුම් ගන්නට ගත්ත මේ වචන 3 රාග ද්වේශ මෝහ, අලෝභ අද්වේශ අමෝහ, රාගක්ඛය ද්වේශක්ඛය මෝහක්ඛය, තේරුම් ගන්නට ගිය කාලය මොකද්ද කල්පය. කල්පයක්. ඒ කල්පය මොකද්ද? අන්න සාර අසං ඛය කල්පය. මේ සං තේරුම් ගත්තෙ නැතුව, ඔය වචන 3 තේරුම් ගන්නේ නැතුව, ත්‍රිහේතුක ප්‍රතිසංදියක් නොලබා මේ සාරාසංඛය කල්පය තේරුම් ගන්න බෑ. දැන් ඔතෙන්ට ඊට පස්සෙ අටුවාකාරයො අලුතෙන් වචනයක් එක්කහු කලා, ලක්ශය. ඊටපස්සෙ තව අටුවාකාරයෙක් මේ අනේක ජාති සංසාරං කියන එක මේ සාර 4 කොහෙන් ආවද දන්නෑ ඔය 4 ! දැන් අද කියන්නෙ මොකක්ද? සාර අසංඛය කල්පයක් කියන්නෙ අසංකෙයිය කල්ප ලක්ශ 4 ක් කියල. අපේ හාමුදුරුවරු, බන කියන අය ඇදත් රේඩියෝ එකෙන් අහන්න, හිස් මුදුනින් පිලිගත්ත ඔය සාර අසංඛය කල්පය කියන්නෙ අසංකෙයිය ලක්ශ කල්ප 4 ක් කියල. කොහෙන් ආවද කියල මම නම් දන්නෑ!

( ඒකෙ නෑනෙ 4 ක් කියල )

4 ක් කොහේවත් නෑ .මේකෙ තියෙන්නෙ, සාරඅසංඛය කප්පය. ඔය වචන.

( සාර කියන එක තමයි ඔය 4 ට අරන් තියෙන්නෙ )

නෑ නෑ 4 නෙමේ සාර අනන්තයි!

( ඒවගෙ මේ ගානත් හදල තියනවනෙ )

ඔවු ඒකෙ බින්දුත් දාල තියනව අසංකෙයිය කියල මන් දැක්ක පොතක තියනව අටුවා කවුරු හරි ලියපු බින්දු 134 ක් දාල තියනව මෙන්න අසංකෙයිය කල්ප ලක්ශෙ කියල!

(දැන් බාහිය දාරුචිය තුමාට ගියේ ස්වාමින් වහන්ස බොහොම සුළු කාලයයි...)

ඔවු බාහීය දාරුචිය තුමා ඔය දේ තේරුම් ගන්න මෙතෙක් කල් සාරයි කියල හිතපු දේ අසං කරල, සංඛ‍ය කරන්න විනාඩි ගානකට වැඩිය ගත්තෙ නෑ. සතියකින් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් බුදුහාමුදුරුවොත් මෙතෙක් කල් අර කාමසුකල්ලිකානු යෝගයෙන් අත්තකිලමතානු යෝගයෙන් ගත කල කාලය තුල මේ පිලිබදව අර කාමසිකල්ලිකානු යෝගය අත්තකිලමතානු යෝගය, ඒ ඔක්කෝම අතහැර දාල අර බෝදීන් වහන්සේ ගාවට ඇවිල්ල සතියක් හෝ 2 ක් තුල මේක තේරුම් ගත්ත. මේ පටිච්ච සමුප්පාදය ධර්මය තුලින් මේක තේරුම් ගත්ත, චතුරාර්‍ය සත්‍ය අවබෝද කරගත්ත මෙන්න මේ කාලය තමා සාර අසං ඛය කල්පය. කප්ප කියන්නෙ කාල පරාසය.

( ස්වාමින් වහන්ස කල්පය කොපමනද කියල පෙන්වන්න අපි කට කතාවට කියනවනෙ.. )

දැන් මෙහෙමයි. ඔය කල්පය නෙමේ. මොකද්ද ඒ කියල තියෙන්නෙ? මහා බුද්ධ කල්පය. මොකද්ද බුද්ධ කල්පය කියන්නෙ? බුද්ධ කල්පය කියන්නෙ මොකද්ද, බද්ද කල්පය කියන්නේ මොකද්ද? අපි මේ සංසාරයට බැඳි බැඳී, බැඳි බැඳී ආපු අතීත දිගු කාල පරාසය, බද්ද කල්පය. ඒ බැදි බැදී ආපු, දැන් මේ හැම කෙනෙක්ම බැදි බැදී ගොත ගොතා ආව කතාව. අර නාම ගොත්තං නජීරති. ඒ කියන්නෙ රාගය ද්වේශය මෝහය කියන පටි 3 එකතු කරගෙන හදාගෙන ගොත ගොතා ආපු කාලය තමා ඔය බද්ද කල්පය. ඒ බද්ද කල්පය කාටවත් කියන්න පුලුවන්ද බුදු කෙනෙකුටවත් කියන්න පුලුවන්ද මෙච්චර දිගයි කියල? බැරි හින්ද තමා බුදු හාමුදුරුවො හිතාගන්න බැරි අනන්ත අප්‍රමාන වූ කාලයක් හැටියට යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස, අර පෙට්ටිටක් හදල ඕකට අබ ඇට දාල ඔය අබ ඇට 1 ක් අවුරුදු 100 කට 1 ක් ගත්තත් ඒ යන කාලයටත් වැඩියි. ඒක ඇත්ත. හැම කෙනෙක්ම මේ බද්ද කල්පය, මහා බද්ද කල්පය, මේක මේ සංස්කෘත වචනයක් දැම්ම මොකද්ද දැම්ම වචනෙ? බද්‍ර කල්පය! බද්‍ර කියන එක නෙමේ තියෙන්නෙ මාගදී භාශාවෙ බද්ද. බද්ද කියන්නෙ මොකද්ද? බැදෙනව.

( බද්‍ර යෞවනය කියන්නෙ? )

බද්‍ර යෞවනය කියන්නෙ යෞවනයට බැදෙනව කියන එක.

( ස්වාමීන් වහන්ස කල්ප 91 ක් කියල කියන්නෙ මොකද්ද )

ඒක වෙන එකක් ඒකයි මේකයි කලවම් කරගන්න එපා මගා බද්ද කල්පය කියන්නෙ එකක්. ඒක මේ අපි ගාව තියන ගති කල්ප 91 ක් තුල ක්‍රියාත්මක වෙන්න පුලුවන් එකයි ඒකේ වෙනස.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න